Scroll to top
© 2018, LYON Sri Lanka lyonsrilanka.org

ශ‍්‍රී ලංකාවේ දේශපාලනික අස්ථාවරභාවයට කෙටිකාලීන විසදුම පාර්ලිමේන්තු මැතිවරණයයි – ප‍්‍රජාතාන්ත‍්‍රික එකමුතුව.

මෙරට වර්තමානයේ මුහුණ දී ඇති දේශපාලනික, ආර්ථික හා සමාජීය අරාජිකත්වයෙන් මුදවා ගැනීම සදහා මෙරට ජන සමාජයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස වෙනුවෙන් විචාරාත්මක, සබුද්ධික, අපක්ෂපාතීව හා විමර්ෂණාතත්මකව මැදිහත් විමේ බලපැම් කණ්ඩායමක් ලෙස ප‍්‍රජාතාන්ත‍්‍රික එකමුතුව නැමති විද්වත් වේදිකාවක් 2018 නොවැම්බර් 28 වන දින මහවැලි කේන්ද්‍රයේදී එලිදැක්විය.

මෙරට ජන සමාජය දැනුවත් කිරීම මගින් දේශපාලන, පරිපාලන, ආර්ථීක හා සමාජ ආයතන ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහසට ගරුකරන සහ ඊට අනුව ක‍්‍රියාකරන ලෙස අදාල පාර්ශව වෙත බලපෑම් කිරීමට ජනයා පෙළ ගැස්වීම ප‍්‍රජාතාත්ත‍්‍රික එකමුතුවේ දිගු කාලීන අපේක්ෂාවයි.

මෙම සංවිධානයේ කැදවුම්කරුවන් ලෙස ලංකා තරුණ සංවිධාන ජාලයේ සභාපති අරුණ කුමාර මහතා හා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ධම්ම දිසානායක මහතා කටයුතු කරයි.

ලංකා තරුණ සංවිධාන ජාලයේ සභාපති අරුණ කුමාර මහතා ප‍්‍රජාතාන්ත‍්‍රිත එකමුතුව සංවිධානයේ මාධ්‍ය සාකච්ඡුාවට සහභාගී වෙමින් ප‍්‍රකාශ කර සිටියේ මෙරට ඇති වී ඇති දේශපාලනික අස්ථාවරභාවය අවසන් කල හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයක් තුලින් ජනතා පරමාධිපත්‍ය සහතික කිරීමෙන් බවත්ය. එම අවශ්‍යතාවය සදහා මෙරට මහජනතාව පෙළ ගැස්වීමේ මුලික පියවර ප‍්‍රාජාතාන්ත‍්‍රිත එකමුතුව සංවිධානය ඔස්සේ ඉදිරියේදී ගොඩ නගන බන එතුමා තවදුරටත් ප‍්‍රකාශ කලේය.

ප්‍රජතතික එකමුතුවේ කැදවුම්කරු, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ධම්ම දිසානායක මහතා ප‍්‍රකාශ කලේ, මේ වන විට ශ‍්‍රී ලංකාව පත්ව ඇති දේශපාලනික, ආර්ථික හා සමාජීය අරාජිකත්වයෙන් ශ‍්‍රි ලංකාව නැවතත් ගොඩ නැගීම සදහා ගත යුතු කෙටි කාලීන මුලිකම පියවරක් වන්නේ ශක්තිමත් රජයක් ඇති කිරීම සදහා පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම බව පෙන්වා දුන්නේය. පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමෙන් මෙරට පවතින සියලූ ගැටන්‍දා සදහා විසදුමක් නොලැබුනද දිගු කාලීනව දැනට පවතින දේශපාලනික, ආර්ථික හා සමාජීය ගැටලූ සදහා ආරම්භක පියවරක් වන්නේ හැකි ඉක්මණින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවත්වා දේශපාලන ස්ථාවරභාවය ඇති කිරීම බවත්ය.

ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා ප‍්‍රකාශ කලේ වර්තමානයේ අප මුහුණ දෙන මෙම දේශපාපනික, ආර්ථික හා සමාජීය සංස්කෘතික අරාජිකත්වය දිර්ඝ කාලයක් මුලූල්ලේ වර්ධනය වෙමින් පැමිණි දෙයක් බවත් එහි උච්චතම අවස්ථාවක් ලෙස ඔක්තොම්බර් 26 වන දින සිදුවූ දේශපාලනික ක‍්‍රියාවලිය හදුන්වා දිය හැකි බවත් පෙන්වා දෙන ලදී. මෙම දේශපාලන අරාජිකත්වයෙන් මිදිමේ පළමු පියවරක් ලෙස හැකි ඉක්මණින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම අතවශ්‍ය බවත් එතැන් සිට මෙරට ජනතාවට පිළිගත හැකි පැහැදිලි ජාතික ප‍්‍රතිපත්තියක් සැකසීමේ අවශ්‍යතාවයක් එතුමා පෙන්වා දෙන ලදී.

මෙරට තරුණ ප‍්‍රජාව නියෝජනය කරමින් යසෝදරා කපුගේ මෙනවිය පෙන්වා දුන්නේ වර්තමාන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුගේ හැසිරීම තරුණයන් ලෙස දැඩි ලෙස හෙලා දකින බවත්, ජනතා නියෝජිතයන් තෝරා ගැනීමේදී ඔවුන්ගේ අධ්‍යාපන පසුබිම පිලිබද මෙරට ඡන්දදායකයන් ඉදිරියේදී දැඩි අවධානයකින් සිටිය යුතු බවත් ඇය වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

Gallery slideGallery slideGallery slideGallery slideGallery slideGallery slideGallery slideGallery slideGallery slide

Related posts

1 comment

  1. I discovered your website from Google and also I need to claim it was
    a terrific locate. Many thanks!

Post a Comment

Your email address will not be published. Required fields are marked *